9:40 PM

ඇට නැති දිවෙන් එස් බී කිව් කතා වලට මහින්දගෙන් කන පැලෙන උත්තරයක්
ඉකුත් මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීම හේතුවෙන් ශ්‍රී ලනිපය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය එම මැතිවරණයෙන් පරාජය වූ බව හා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත්ව ශ්‍රීලනිප මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහාය ලබාදිය යුතු බවටත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ‘‘එස් බී දිසානායක කියන ඒවාට පිළිතුරු දෙන්න මම කැමැති නැහැ ඒත් පසුගිය මහ මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළේ කවුද කියලා හොයල බැලුව නම් ඔය ප්‍රශ්නයට උත්තරේ එතැන තියෙනවා ප්‍රතික්ෂේප වුණේ කවුද කියලා රටම දන්නවා‘‘ යනුවෙන් මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මේ රටේ ජනතාව මේවා ගැන හොඳට අවබෝධ කරගෙන සිහි නුවණින් ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගත යුතුයි. වැඩ කළ යුතුයි යනුවෙන්ද පැවැසීය. මම දේශපාලනයෙන් ඉවත් වෙන්න ඉස්සර වෙලා මේ රටේ ජනතාව දේශපාලනයෙන් ඉවත් කළේ කවුද කියලා හොයල බැලුව නම් ඔය අහපු ප්‍රශ්නෙට උත්තරය එතැන තියෙනවා යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් සඳහන් කොට සිටියේය.

0 comments:

Post a Comment