9:31 PM

සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමිගේ සෞඛ්‍ය තත්වය යලිත් අයහපත්වී ඇතැයි පුවත්පත මුද්‍රණයට යන අවස්තාව වනවිට වාර්තා වී තිබිණි. යළි අසනීප තත්වය උත්සන්න වීම නිසා සෝභිත හිමි කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී.

මීට පෙර බරපතල හදවත් රෝගී තත්වයකට ගොදුරුවූ සෝභිත හිමි සැත්කමකින්ද අනතුරුව තරමක් සුවය ලබන ලද අතර ඉන් අනතුරුව උන් වහන්සේ සිය කැමැත්තෙන් එම රෝහලෙන් ඉවත්වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට ඇතුලත් වූ බව වාර්තා වේ.

බ්‍රහස්පතින්දා උදෑසන සොභිත හිමිගේ රෝගී තත්වය යලි අයහපත්වී ඇත්තේ විජලන තත්වයක් සහ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පාලනය නොවීමේ තත්වයක් මත යැයි නිල නොවන වෛද්‍ය වාර්තා පවසයි.

මීට පෙරද ඩෙංගු රෝගය වැළඳුනු දරුවෙකු නිසි ප්‍රතිකාර නොකිරීම නිසා මියයාම ගැන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට විවේචන එල්ල වී ඇතැයි ජනරළ වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්

0 comments:

Post a Comment